2017 මැයි 06 වන සෙනසුරාදා

තුන්වැනි ලෝක යුද්ධය අැරඹෙයි? ( 1971 අෙප්‍ර්ල් කැරැල්ල ඇතිවූ ග්‍රහචාරයට සමාන පිහිටීමක්)

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 295

ලෝකයටම මෙන්ම ශ්‍රී ලංකාවටද තර්ජන, ගර්ජන, භීෂණ, හිංසන, මහජන පීඩා මවන ප්‍රබල ග්‍රහ ශක්තියක් ජ්‍යොතිෂයේදී පෙන්නුම් කෙරේ. එනම් යම් කලෙක වැඩිම ග්‍රහයින් පිරිසක්
1. පාප ග්‍රහයින්ගේ නැකත්වල ගමන් කරන්නේද
2. ශනි, කුජ, රාහු සප්තම සහ අෂ්ඨාශ්ටම පිහිටීම්වලට ගොදුරු වන්නේද
එම පිහිටීම්වලින් කියාපාන්නේ විනාශය අතළඟ බවය. අතීත සිදුවීම් කිහිපයක් පමණක් පිළිබඳව සළකා බලන විට 2017 නව සූර්ය වර්ෂය තුළ පවතින අවදානම අවබෝධ වන අතර ඒ තුළින් පාඩම් ඉගෙන ධනවේගාත්මක චින්තනයක් ඔස්සේ ගමන් කිරීමට ලොකු කුඩා සැවොම අත්වැල් බැඳගැනීම යෙහෙකි.

1971 අප්‍රේල් කැරැල්ල
1971 අප්‍රේල් 05 වෙනිදා ඇරඹුණු තරුණ නැගිටීම රාජ්‍ය විරෝධී කැරැල්ලක් බවට වර්ධනය වී විශාල දේපළ හා ජීවිත හානියක් රට තුළ බිහි කළේය. එම කාල වකවානුවේදී වැඩිම ග්‍රහයින් පිරිසක් පාපී ග්‍රහයින්ගේ නැකැත්වල ගමන් කර තිබිණ.
අංක 1 දරණ චක්‍රය

ග්‍රහයා    ගමන් කළ නැකත
රවි    බුධ හිමි රේවතී නැකත
කුජ    කිවි හිමි පුවසළ නැකත
බුධ    පාපී කේතු හිමි අනුර නැකත
ගුරු     පාපී ශනි හිමි අනුර නැකත
ශුක්‍ර     පාපී රාහු හිමි සියාවස නැකත
ශනි    පාපී රවි හිමි කැති නැකත
රාහු    පාපී කුජ හිමි දෙනට නැකත
කේතු    බුධ හිමි අස්ළිස නැකත

1971 දී රටම කම්පා කළ ලොමුදැහැ ගැන්වූ භිෂණය මවන්නට බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු යන ග්‍රහයින් පස්දෙනකු පාපීන්ගේ නැකත්වල ගමන් කරමින් ක්‍රියා කළේය.
1983 කළු ජූලිය
1983 ජූලිය කළු ජූලියක් කළේ ග්‍රහයින්ය. ග්‍රහයින් ගමන් කළ නැකත් විමසුම අංක 02 දරණ චක්‍රය තුළින් දිස්වෙයි.
අංක 2 දරණ චක්‍රය

ග්‍රහයා    ගමන් කළ නැකත
රවි    බුධ හිමි රේවතී නැකත
කුජ    පාපී රාහු හිමි අද නැකත
බුධ    ගුරු හිමි පුනාවස නැකත
ගුරු    පාපී ශනි හිමි අනුර නැකත
ශුක්‍ර     පාපී කේතු හිමි මා නැකත
ශනි    පාපී කුජ හිමි සිත නැකත
රාහු    පාපී කුජ හිමි මුවසිරස නැකත
කේතු    බුධ හිමි දෙට නැකත

කුජ රාහු දෙදෙන නක්ෂත්‍ර පරිවර්තනයේය. සෙනසුරා පාපී කුජගේ නැකතේය. ලොව හෙල්ලූ කළු ජූලිය ශ්‍රී ලංකාව දෙවනත් කළේය.
1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළදා
අංක 03 දරණ චක්‍රය

ග්‍රහයා    ගමන් කළ නැකත
රවි     පාපී රාහු හිමි අද නැකත
කුජ    පාපී ශනි හිමි පුෂ නැකත
බුධ    පාපී රාහු හිමි අද නැකත
ගුරු    පාපී කේතු හිමි අස්විද නැකත
ශනි    බුධ හිමි දෙට නැකත
රාහු    පාපී ශනි හිමි උත්‍රපුටුප නැකත
කේතු    සඳු හිමි හත නැකත

රවි, කුජ, බුධ, ගුරු, රාහු යන පංච මහා ග්‍රහ මණ්ඩලය පාපී ග්‍රහයින්ගේ නැකත්වල ගමන් කොට මනු සිත කුපිත කොට අපේක්ෂිත ලෙස කළු ජූලිය මැදින් භීෂණයකට අතවැනූ අයුරු අංක 3 දරණ චක්‍රයෙන් පෙනේ.
2017.04.14 වෙනිදා නව සූර්ය වර්ෂ ප්‍රථම හිරුකිරණ ලංකා භූමිය සිප ගනිද්දී ග්‍රහයින් ගමන් කරමින් සිටි නක්ෂත්‍ර රටාව අංක 04 දරණ චක්‍රය තුළින් පෙන්නුම් කර ඇත.
අංක 04 දරණ චක්‍රය
ග්‍රහයා    ග්‍රහයින් ගමන් නක්ෂත්‍රයන්

රවි    පාපී කේතු හිමි අස්විද නැකත
චන්ද්‍ර    පාපී ශනි හිමි අනුර නැකත
කුජ    පාපී රවි හිමි කැති නැකත
බුධ    පාපී කේතු හිමි අස්විද නැකත
ගුරු    අව සඳු හිමි හත නැකත
ශුක්‍ර    වක්‍ර ගුරු හිමි පුවපුටුප නැකත
ශනි    පාපී කේතු හිමි මුල නැකත
රාහු    පාපී කේතු හිමි මා නැකත
කේතු    පාපී රාහු හිමි සියාවස නැකත
යුරේනස්    පාපී කේතු හිමි අස්විද නැකත

2017 දී නව ග්‍රහ මණ්ඩලයම පාප ග්‍රහයින්ගේ නක්ෂත්‍රවල ගමන් කරනවා පමණක් නොව යුද්ධායුධ නිවේදක යුරේනස්ද මේෂ රාශි ගතවී අස්විද නැකතෙහිය.
2017 නව සූර්ය වර්ෂ උදාව සමඟම කුණු කඳු විපතින් ලොවටම සංඥාවක් දුන්නේය. නැවත දුක් කඳුළු වගුරුවන භීෂණයක් මවා ඇත. ලෝක යුද්ධයක් වෙන්නටත් රුධිර ගංගා ගලවන්නටත් කුරිරු දෛවයක් උද්ගත වෙයි. පැහැබර රටක් පතන ශ්‍රී ලාංකිකයින් ඉවසිලිවන්ත බුද්ධිමත් තීරණවලට නොඑළඹ ප්‍රකෝපකාරී වී කැත්තට පොල්ලක් වී විනාශ වෙන්නට පාර කපා ගතහොත් සාප කරන්නේ හෙට බිහිවන ශ්‍රී ලාංකිකයාය. පටු වාද භේද පසෙකලා තුන්වෙනි ලෝක මහා යුද්ධයෙන් ගැලවෙන්නට ලොවම දැනුවත් කරන වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවෙන් දියත් කිරීම කාලෝචිතය.

ජ්‍යොතිෂ නන්දන විශ්ව කීර්ති ජ්‍යොතිර් විද්‍යා පණ්ඩිත ශිරෝමනී
දකුණු ලක ශිඛර ජ්‍යොතිෂ පර්යේෂණායතනාධිපති 
ජ්‍යොතිෂ හඬ සුරැකීමේ සංවිධානයේ සභාපති 
තලගහ - අක්මීමන
සුරා ශ්‍රී ගුණවර්ධන

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00